ලිප්ටන්ස් සීට්- Lipton's Seat

ලිප්ටන්ස් සීට්- Lipton's Seat

කොළඹ සිට ලිප්ටන් සීට් දක්වා දුර - 200km පමණ / පැය 5 විනාඩි 30ක් පමණ ගතවේ 

ලිප්ටන්ස් සීට් කියන්නේ හපුතලේ තියන කඳු නරබන්නට කියාපු තැනක්. මෙතන නම හැදිලා තියෙන්නේ තෝමස් ලිප්ටන් කියන වැවිලි කරු තමන්ගේ තේ වගාව දිහා වාඩිවෙලා බලන් හිටපු තැන නිසා කියලයි කියනේ. තෝමස් ලිප්ටන් ගේ ප්‍රතිමාවක් එක්කම බංකුවක් සකස් කරලා තියනවා එන අයට තෝමස් ලිප්ටන් එක්ක ෆොටෝ එකක් අරන් මතකේ තියාගන්න. මෙතනට යන්න ටිකක් අමාරුයි පළපුරුදු රියදුරෙක් නැත්තන්. කන්දක් මුදුනේ පටු පාරක් නිසා. එක නිසාම හපුතලේ ඉදන්ම මෙතනට එක්කන් එන වැන් ත්‍රීවීල් තියනවා.
මේක view point එකක් විදිහට තමයි සැලකෙන්නේ. ලංකාවේ පළාත් 5ක් මෙතනට පේනවා. චන්ද්‍රිකා වැව, උඩවලවේ ජලාශය, වැඩිහිටි කන්ද, හම්බන්තොට වරාය සහ දකුණු මුහුද පවා මෙතනට පේනවා. හැබැයි හොදට අවුව පායන දවසක ගියොත් තමයි මේ ඔක්කොම බලන්න පුළුවන් වෙන්නේ. නැත්තනම් මීදුමට වැහිලා යනවා. යන පාර පුරාවට තේ වත්ත නිසා අවට පරිසරය පුදුම ලස්සනක් තියෙන්නේ.ලිප්ටන් සීට් view point එක අසල තේ කඩයක් තියනවා. එතනින් තේ එකක් බිල රොටියක් කන්නත් පුළුවන්.

හපුතලේ පැත්තේ යනවනං මෙතනට යන්නත් අමතක කරන්න එපා.

Post a Comment

0 Comments