යාල ජාතික වනෝද්‍යානය - Yala National Park
කොළඹ සිට යාල වනෝද්‍යානයට ඇති දුර -
- දක්ෂිණ අධිවෙගීමර්ගය- කිලෝමීටර් 282 /පැය 4 විනාඩි 15ක් පමණ ගතවේ
- රත්නපුර හරහා කිලෝමීටර් 242/ පැය 5 විනාඩි 45ක් පමණ ගතවේ
ලංකාවේ වැඩියෙන්ම සංචාරය කරන වනෝද්‍යානය තමයි යාල කියනෙ. ඒ වගේම දෙවැනි විශාලතම ජාතික වනොද්යානයත් යාලම තමයි.
යාල කොටස් 5 කට බෙදල තිබ්බත් වැඩියෙන්ම අපි යන්නේ යාල 1 කියන කොටසට සහ යාල 5 කියන කොටසට මෙහි විවිධ වර්ගයේ සත්තු දකින්න පුළුවන් උනත් දිවියන්ට තමයි යාල ප්‍රසිද්ධ. ඒ වහෙම අලි ඇත්තු, වලස්සු, මුවෝ, ගොන්නු, වල්ඌරො, කිඹුල්ලු, මීහරක් වගේ සත්තුත් මොනරු ඇතුළු කුරුල්ලෝ විශාල ප්‍රමාණයකුත් යාලේ දකින්න පුළුවන්.
වසරේ මාස දෙකක් විතර මේ යාල 1 කොටසට අපිට යන්න අවසර නැහැ. එහෙම කරල තියෙන්නේ සත්තුන්ට නිදහසේ මිනිස්සුන්ගෙන් මිදිලා තමන්ගේ සුපුරුදු ජිවිතේ ගතකරන්න ඉඩ දෙන්න.
යාල වනෝද්‍යානය අවටින් හෝ කලින් වෙන් කරගන්නා ලද සෆාරි ජීප් රථයකින් මෙහි සංචාරය කරන්න පුළුවන්. පළපුරුදු සංචාරක මගපෙන්වනෙක් හෝ රියදුරෙක් නම් ඔබට බොහෝවිට දිවියන් වලසුන් ඇතුන් වැනි දුර්ලබ සතුන් දැක බලාගැනීම පහසු වනු ඇත.
යාල සෆාරි යද්දී ගොඩ දෙනෙක් half day සෆාරි එහෙම නැත්තම් උදේ වරුවේ(උදේ 6 ඉදන් උදේ 10 විතර වෙන කන්) නැත්නම් හවස්වරුවේ(දවල් 2.30 ඉදන් හවස 6 වෙනකන්) පැය 3ක 4ක වගේ සෆාරි එකක් තමයි යන්නේ. එහෙම යද්දී අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අවශ්‍යනම් දුවිල්ලෙන් මුව අවරණය කරන ලේන්සුවක් හෝ මාස්ක් එකක් අරන් යන්න.
wildlife photography කරන අය ඒවගේම අනිවාර්යෙන්ම දිවියෙක් බලන්නම ඕනේ කියල යන අය බොහෝවිට full day සෆාරි තමයි යන්නේ. ඒ මොකද උදේ 6 ඉදන් හවස 6 වෙනකන් පැය 12ක වගේ වෙලාවක් තියන නිසා ගොඩක් දුරට දිවියෙක් දකින්න පුළුවන් සම්බවිතාවය වැඩි නිසා. එහෙම full day සෆාරි යනවා නම් වතුර බෝතල්, උදැසන සහ දිවා අහාරය, බිස්කට් වගේ දේවල් අරන් යන්න අමතක කරන්න එපා. හැබැයි මේ ගෙනියන කිසිදෙයක් වනෝද්‍යානය ඇතුලේ දාල නොඑන්න වගබලා ගන්න. තාමත් ගිහින් නැත්තන් යන්න වටිනාම තැනක් තමයි යාල ජාතික වනෝද්‍යානය.
0 Comments